තුවාල ලබා දිය වලක් අසල සිටි වලසෙක් සමග " සෙල්ෆි" ජායාරුපයක් ගැනීමට උත්සහ කල ඉන්දියානු ජාතික කුලී රථ රියදුරෙකුට සිදුවූ ඉතා ඛේදජනක සිදුවීමක් එරට මාධ්‍ය විසින් වාර්තා කර තිබුනා.
ඔඩිස්සා ප්‍රාන්තයේ මංගල උත්සවයක් සඳහා මගීන් පිරිසක් රැගෙන යමින් සිටි ප්‍රභූ බාත්රා නම් වූ මෙම කුලී රථ රියදුරා මාර්ගය අසල සිටි වලසෙක් දැක ඔහු සමග ජයාරූප කිහිපයක් ගැනීමට ගොස් ඇත්තේ ඔහු සමග පැමිණි පිරිස වාහනයේ සිටියදීමය.
දිය වලක් අසල සිටි වලසා තුවාල ලබා සිට ඇති අතර කුලී රථ රියදුරා ඒ අසලට ගොස් ජයාරූප කිහිපයක් ගැනීමට සැරසෙනවාත් සමග කෝපයට පත්ව සිටි වලසා ඔහුට පහර දී තිබෙනවා.
ඒ අවස්ථාවේදී මාර්ගයේ ගමන් කරමින් සිටි පිරිස් පැමිණ වලසාගේ ප්‍රහාර වලින් රථ රියදුරුව බේරා ගැනීමට උත්සහ කලත් එය නිෂ්ඵල විය.
අවසානයේදී වනජීවී නිලධාරින් පැමිණෙන විටත් වලසාගේ දරුණු පහරකෑමට ගොදුරුව සිටි කුලි රථ රියදුරා මිය ගොස් ඇති බවයි එරට මාධ්‍ය වාර්තා කර තිබුනේ.
අසල සිටි පුද්ගලයෙක් ප්‍රභූ බත්‍රා නම් මෙම කුලී රථ රියදුරාට වලසා පහර දෙන අයුරු සිය ජංගම දුරකථනයෙන් වීඩියෝ කර තිබුනා.