Saturday, September 21, 2024

General line - 0115112241

පැරණි ලෝගුවම ඇද කතානායක දුන් ආදර්ශය

සමන්ත කුමාර




කෘෂිකර්ම අමාත්‍යාංශය පැවැති රජමල්වත්ත ගොඩනැගිලි සංකීර්ණය පාර්ලිමේන්තුව වෙත ලබා දෙන ලෙස හෝ එම අමාත්‍යාංශය රාජගිරියේ නව ගොඩනැගිල්ලකට ගෙනයාම පිළිබඳ යෝජනාවක් පාර්ලිමේන්තුව විසින් ඉදිරිපත් නොකළ බව කථානායක කාර්යාලය පවසනවා. කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර ඊයේ සිදු කළ ප‍්‍රකාශයක් පිළිබඳ කරුණු දක්වමින් කථානායක කාර්යාලය නිකුත් කළ නිවේදනයක මේබව සඳහන්.

නව කෘෂිකර්ම අමාත්‍යවරයා ලෙස ඊයේ (03) වැඩභාර ගත් මහින්ද අමරවීර මාධ්‍ය හමුවේ කියා සිටියේ රාජගිරිය ප‍්‍රදේශයේ ගොඩනැගිල්ලකට ගෙන ගිය කෘෂිකර්ම අමාත්‍යාංශයේ ගොඩනැගිල්ල නැවත  පැරණි ගොඩනැගිල්ල වෙත ගෙන යාමට තමන් උත්සහ දරණ බවයි.  අදාළ ස්ථානයෙන් සිය අමාත්‍යාංශය ඉවත් කළේ පාර්ලිමේන්තුවේ ඉල්ලීමක් අනුව බවද මහින්ද අමරවීර අමාත්‍යවරයා එහිදී කියා සිටියා. කතානායක කාර්යාලය පෙන්වා දෙන්නේ පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන්ට කාර්යාල පහසුකම් සැපයීම සහ පාර්ලිමේන්තුවේ ආංශික කාරකසභා සඳහා අවශ්‍ය ඉඩකඩ ලබා ගැනීම යන අරමුණූ වෙනුවෙන් අදාළ ස්ථානයෙන් කෘෂිකර්ම අමාත්‍යාංශය ඉවත් කිරීම රජය විසින් ගත් තීරණයක් බවයි. 

කෙසේ වෙතත් රජයේ තිරණය පරිදි රජමල්වත්තේ පිහිටි ගොඩනැගිලි සංකීර්ණය පාර්ලිමේන්තුවේ කටයුතු සඳහා යොදා ගැනීමේදී ප‍්‍රතිසංස්කරණ කටයුතු සඳහාද යන වියදම් අවම කිරීමට කථානායකවරයා පියවර ගත් බවද අදාළ නිවේදනයේ සඳහන්. කථානායක කරු ජයසූරිය මහතා වියදම් අවම කිරීම පෞද්ගලිකවම කි‍්‍රයාත්මක කර ඇත බවද කථානායක කාර්යාලය පෙන්වා දෙනවා. හිටපු කථානායකවරයා භාවිත කළ මෝටර් රථයම සිය නිල රථය ලෙස යොදා ගනිමින් සහ කථානායක නිල කබායක් අලූතෙන් සකස් කිරීම ප‍්‍රතික්ෂේප කරමින් හිටපු කථානායකවරයාගේ පැරණි කබාය සුදුසු පරිදි සකසා භාවිත කර ඔහු පූර්වාදර්ශයක් සපයා ඇති බවද එම  නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.