Saturday, September 21, 2024

General line - 0115112241

විපක්ෂයේ අසුන් ගන්නා එජාප පිරිසකට ආණ්ඩු පක්ෂයේ අසුන්! ආණ්ඩුවෙන් ගිය 16 නිසා පාර්ලිමේන්තුවේ වෙන වෙනස මෙන්න

හේමන්ත කහවලගේ




පසුගියදා අමාත්‍යධූර වලින් ඉවත් වූ ශි‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ මන්තී‍්‍රවරුන් 16දෙනාට ලබන 08වනදා ආරම්භ වන පාර්ලිමේන්තු සැසිවාරයේදී විපක්ෂයේ ආසන ලබා දීමට පාර්ලිමේන්තු නිලධාරීන් මේවනවිට කටයුතු යොදා තිබෙනවා. ඒ අනුව දැනට විපක්ෂයේ අසුන් ගන්නා එක්සත් ජාතික පක්ෂයේ මන්තී‍්‍රවරුන් පිරිසකට ආණ්ඩු පක්ෂය දෙසින් ආසන වෙන්කර එම ආසන ශි‍්‍ර ලංකා නිදහස් පක්ෂයෙන් විපක්ෂයේ අසුන් ගන්නා කණ්ඩායම වෙත ලබා දීමටයි තීරණය කර ඇත්තේ.

එම 16දෙනාගෙන් ඩබ්ලිව් ඩී.ජේ සෙනෙවිරත්න, එස් බී දිසානායක සහ සුමේධා ජයසේන වන මන්තී‍්‍රවරුන්ට ජ්‍යෙෂ්ඨත්වය අනුව විපක්ෂයේ පළමු පේළියේ ආසන වෙන්කර ඇති බවයි නෙත් නිවුස් වෙත වාර්තාවුණේ. මේ හේතුවෙන් මෙතෙක් විපක්ෂයේ පළමු පේළියේ ආසන හිමිව තිබූ සී.බී රත්නායක, ගාමිණී ලොකුගේ සහ තුරෙයි රත්නසිංහම් යන මන්තී‍්‍රවරුන්ට විපක්ෂයේ දෙවන පේළියේ ආසන හිමිව තිබෙනවා. මේ අතර ඉකත් දා සිදුවූ අමාත්‍ය මණ්ඩල සංශෝධනය අනුව යළි අමාත්‍ය ධූරයක දිවුරුම් දුන් විජේදාස රාජපක්ෂද ආණ්ඩු පක්ෂයේ කලින් සිටි අසුනට වඩා ඉදිරියෙන් වන අසුනක් වෙන් කර ඇති බවයි වැඩිදුරටත් වාර්තාවුණේ.