Saturday, September 21, 2024

General line - 0115112241

මාතරදී ලොරි දෙකක් කොටු වෙයි - අණ නොතකා ධාවනය කළ එක් රථයකට පොලිසිය වෙඩි තබයි (PHOTOS)

හේමන්ත කහවලගේ




නීති විරෝධි ලෙස ලොරි රථ දෙකකින් ගවයින් ප‍්‍රවාහනය කරමින් සිටි පුද්ගලයින් 06 දෙනෙකු මාතර ප‍්‍රදේශයේ දී අද (06) අලූයම අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, මාතර පොලිස් විශේෂ අපරාධ විමර්ශන ඒකකය සිදු කළ වැටලීමකදීයි.

එහිදී එක් ලොරි රථයක මී ගවයින් 10 දෙනෙකු සහ එළ ගවයින් දෙදෙනෙකු සිටි බවයි පොලිසිය පැවසුවේ. වීරකැටිය ප‍්‍රදේශයේ සිට ගාල්ල බලා ධාවනය වූ මෙම ලොරි රථය අණ නොතකා ධාවනය කිරීම හේතුවෙන් වැලිගම දුම්රිය ස්ථානය අසළ දී පොලිසිය විසින් වෙඩි තැබීමක් ද සිදු කර තිබෙනවා. පසුව මෙම ලොරි රථය පෙරළී ඇති බවයි පොලිසිය පැවසුවේ. 

අනෙක් ලොරි රථයේ මී ගවයින් 13 දෙනෙකු සිට ඇති අතර එය හම්බන්තොට සිට ගාල්ල දක්වා ධාවනය කෙරෙමින් තිබූ බවයි පොලිසිය පැවසුවේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් මාතර පොලිස් විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති, පොලිස් පරීක්ෂක සමන් ජයසිංහ ඇතුළු නිලධාරීන් පිරිසට රුපියල් ලක්ෂයක අල්ලසක් ලබාදීමට ද උත්සහ කර තිබෙනවා. පසුව එම මුදල ද සිය භාරයට ගත් බවයි පොලිසිය පැවසුවේ.