Saturday, September 21, 2024

General line - 0115112241

මැලේසියාව ඇල්ලූ ශී‍්‍ර ලාංකික සරණාගතයින් රැඳවුම් කඳවුරකට (PHOTOS) (UPDATE)




ශී‍්‍ර ලාංකිකයින් පිරිසක් මැලේසියාවේදී අත්අඩංගුවට පත්වීම සම්බන්ධයෙන් පළවු වාර්තාවන්ට ප‍්‍රතිචාර දක්වමින් විදේශ කටයුතු අමාත්‍යාංශය අද (06) නිවේදනයක් නිකුත් කළා. එහි දැක්වෙන්නේ මැයි 01 වනදා ජොහොර් බාරු හිදී ශ‍්‍රී ලාංකිකයන් බවට විශ්වාස කෙරෙන පුද්ගලයන් 131 දෙනකු රඳවා ගෙන ඇතැයි මැලේසියානු රාජකීය පොලිසියේ විශේෂ ශාඛාව තහවුරු කර ඇති බවයි.

ඉන් 127දෙනකු අත්අඩංගුවට ගෙන ඇත්තේ එරට ආගමන පනත යටතේයි. ඔවුන් මේ වන විට ජොහොර් බාරුහි ආගමන රඳවාගැනීම් මධ්‍යස්ථානයේ රඳවා සිටිනවා. ඉතිරි පුද්ගලයන් සිවුදෙනා අත්අඩංගුවට ගෙන ඇත්තේ  2007 පුද්ගල ජාවාරම් සහ සංක‍්‍රමණිකයන් අවහරණය වැළැක්වීමේ පනත යටතෙයි. අත්අඩංගුවට ගත් පුද්ගලයන්ගේ අනන්‍යතාව මෙතෙක් හෙළිකරු නැහැ. ඒ පිළිබඳ තවදුරටත් තොරතුරු තහවුරු කරගනිමින් පවතින බවයි විදේශ කටයුතු අමාත්‍යාංශය කියා සිටියේ. ලැබී ඇති මූලික තොරතුරු අනුව ඔවුන්ගෙන් 43 දෙනෙකු සතුව එක්සත් ජාතීන්ගේ සරණාගතයන් පිළිබඳ මහකොමසාරිස් කාර්යාලයෙන් නිකුත් කළ හැඳුනුම්පත් තිබී ඇතැයි සඳහන්. 

අත්අඩංගුවට පත් පුද්ගලයන් පිළිබඳ වැඩිදුර තොරතුරු සුදුසු පරිද්දෙන් ජනතාව වෙත දැනුම් දීමටයි අමාත්‍යාංශය තිරණය කර ඇත්තේ. කෙසේවෙතත් එම තොරතුරු දැනට සිදුකෙරෙන විමර්ශන කටයුතුවලට බාධාවක් නොවිය යුතුය යන්න එහිදී සැලකිල්ලට ගනු ඇති.

මේ වනවිට මෙම සිද්ධිය පිළිබඳ පරීක්ෂණ පැවැත්වෙමින් ඇති බවයි විදේශ කටයුතු අමාත්‍යාංශය පවසන්නේ. මැලේසියාවේ ශ‍්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ නිලධාරීන් අදාළ මැලේසියානු බලධාරීන් සමඟ මේ සම්බන්ධයෙන් සමීපව කටයුතු කරමින් සිටින බවද එහි සඳහන්.

බෝට්ටු මගින් ඔස්ටේ‍්‍රලියාවට සහ නවසීලන්තයට නිතිවිරෝධිව සංක‍්‍රමණය වීම මෙම පිරිසේ අරමුණ වන්නට ඇති බවටයි වාර්තා පළවී තිබුණේ.
 

.................................................................................................................................................................

ලාංකිකයන් 131කට වැඩ වරදියි 

(06-05-2018 08:07)

නීති විරෝධීව මුහුදු මාර්ගයෙන් ඕස්ට්‍රේලියාව සහ නවසීලන්තය බලා යමින් සිටි ශ්‍රී ලාංකිකයන් 131 දෙනෙකු මැලේසියා ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

ඒ මැලේසියාවේ දකුණුදිග මුහුදු ප්‍රදේශයේදීයි.

පිරිමි පුද්ගලයන් 98 ක්, කාන්තාවන් 24 ක් සහ ළමුන් 7 දෙනෙකු ඒ අතර වන බවයි හෙළිවී ඇත්තේ.

මෙම ජාවාරමට සම්බන්ධ ඉන්දුනීසියානු ජාතිකයන් 3 දෙනෙකු සහ මැලේසියානු ජාතිකයන් 4 දෙනෙකු ද අත්අඩංගුවට ගෙන ඇතැයි සඳහන්.

මැලේසියානු පොලිසිය සඳහන් කරන පරිදි වසරක පමණ  කාලයකට පසු හෙළිවූ විශාලතම අනවසර සංක්‍රමණික ජාවාරම මෙය වනවා.