Saturday, September 21, 2024

General line - 0115112241

අධිවේගී පිවිසුම් මාර්ගයේ පිහිටි ඉන්ධන පිරවුම්හලක් කොල්ලකයි

ලලිත් චාමින්ද




ගාල්ල වරාය පොලිස් වසමේ අධිවේගී පිවිසුම් මාර්ගයේ පිහිටි ඉන්ධන පිරවුම්හලක් අද (06) අලූයම කොල්ලකෑමට ලක්ව තිබෙනවා.

මුහුණු ආවරණය කරගෙන යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් මෙම කොල්ලකෑම සිදු කර ඇති බවයි පොලිසිය පැවසුවේ.

ඔවුන්,ඉන්ධන පිරවුම්හලේ සේවයේ යෙදී සිටි පුද්ගලයින් දෙදෙනෙකුට අවි පෙන්වා බිය ගන්වා රුපියල් 38,000ක මුදලක් කොල්ලකා පලාගොස් තිබෙනවා.

සැකකරුවන් පිළිබඳ තොරතුර අනාවරණ වී නොමැති අතර ඔවුන් අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ සිදු කරන්නේ ගාල්ල වරාය පොලිසියයි.