Saturday, September 21, 2024

General line - 0115112241

"අපි බත් කාලා ටීවි බලමින් හිටියා.. එක පාරටම අයියවයි මාවයි පස්වලින් යට වුණා" - ඊයේ රෑ සිදුවුණු ඛේදවාචකය (VIDEO)

රංජිත් රාජපක්ෂ




ගසක් සමග පස් කන්දක් නිවසකට කඩා වැටිමෙන් තරුණයෙකු ඊයේ (05) රාත්‍රියේ මියගොස් ඇති බව නාවලපිටිය පොලිසිය සඳහන් කරනවා.

මෙසේ මිය ගොස් ඇත්තේ නාවලපිටිය ගෝනාවලපතන ප්‍රදේශයේ පදිංචි ලහිරු ගමගේ නැමති (20)හැවිරිදි තරුණයෙක්.

ඊයේ රාත්‍රි 8.30 පමණ නිවසට ඉහලින් තිබු විශාල ගසක් සමග පස් කන්දක් කඩාගෙන විත් නිවසේ සාලය මුලුමනින්ම විනාශවී ගොස් මෙම අනතුර සිදුව තිබුණා.

එහි රූපවාහිනිය නරඹමින් මිය ගිය තරුණයා සහ ඔහුගේ සොහොයුරා සිට ඇති අතර මිය ගිය තරුණයා පස්වලට යට වි සිටියදි ප්‍රදේශවාසින් විසින් බේරාගෙන නාවලපිටිය මුලික රෝහල වෙත  රැගෙන යන  අතරතුර මෙලෙස මිය ගොස් තිබුණා.

මෙම අනතුරින් මිය ගිය තරුණයාගේ සොහොයුරාද සුළු තුවාල ලබා තිබෙනවා. අනතුර සිදුවන අවස්ථාවේ නිවසේ පදිංචි අනෙකුත් සමාජිකයන් නිවසේ වෙනත් ස්ථානවල සිටි නිසා ඔහුන් මෙම අනතුරින් බෙරී තිබෙනවා.

නාවලපිටිය ප්‍රදේශයට ඊයේ (05) පස්වරුවේ ඇද හැලුණු අධික වර්ෂාවත් සමග මෙම ගස සහ පස් කන්ද කඩා වැටුණා.

(වීඩියෝව පහතින් දැක්වෙයි)