Saturday, September 21, 2024

General line - 0115112241

මව සමග පාරේ ගමන් කරද්දී පැහැරගත් දැරිය සොයා ගැනීමෙන් පසු තවත් අපරාධයක් හෙළිවෙයි

කේ. ප්‍රියංකර - පුත්තලම




දැරියක් සිය මව සමඟ පාරේ ගමන් කරමින් සිටියදී එකවරම පැමිණි ඩිමෝ බට්ටා වර්ගයේ ලොරි රථයක පිරිසක් අදාළ දැරිය පැහැරගෙන පලාගොස් තිබුණා.

මේ බව මව විසින් ඉකුත් 04 වැනිදා නවගත්තේගම පොලීසියට පැමිණිළි කිරීමෙන් පසු පොලිස් පරීක්ෂණ ආරම්භ කළා.

නවගත්තේගම පොලිස් බල ප්‍රදේශයට අයත් මැද්දෑව ප්‍රදේශයේදී  දැරිය සහ මව මෙම සිද්ධියට මුහුණ පා තිබුණා.

ඒ අනුව  අදාළ දැරිය රැගෙන ගිය බවට සැක කෙරෙන ලොරි රථය පොලිස් භාරයට ගෙන ඇති අතර දැරිය රැගෙන යාමට අනුබල දුන් බව කියන තවත් පුද්ගලයෙකු සැකපිට අත්අඩංගුවට ගෙන ප්‍රශ්ණ කිරීම් සිදු කර තිබෙනවා.

එහිදී සැකකාර පෙම්වතා සහ දැරිය සැඟව සිටින ප්‍රදේශය සොයා ගැනීමට හැකිව තිබූ බවත් ඒ අනුව සාලියවැව පොලිස් වසමේ රඹාවැව ප්‍රදේශයේදී අදාළ සැකකාර පෙම්වතා සහ දැරිය පොලීසිය විසින් අත්අඩංගුවට ගත්තා.

එහිදී පොලීසිය වැඩිදුරටත් කල ප්‍රශ්ණ කිරීම් හමුවේ දැරිය පොලීසියට කියා ඇත්තේ 2016 වර්ෂයේදී තමන් 9 වන ශ්‍රේණියේ අධ්‍යාපනය හදාරමින් සිටියදී අමතර පංති යාම සදහා පියාගේ වැඩිමහල් සොහොයුරියගේ ගෙදර නැවතී සිටි බවත් එහිදී මාමා විසින් දිනක් පාඩම් කරමින් සිටියදී බලහත්කාරයෙන්ම තමාව දූෂණය කළ බවයි. ඉන්පසු කිහිප වතාවක්ම මෙලෙස ඔහු විසින් තමාව නිරන්තරයෙන් දූෂණයට ලක් කළ බවද  ඇය පාපෝච්චාරණය කර තිබෙනවා.

ඒ අනුව පොලීසිය විසින් සැකකාර පෙම්වතා සහ (58) හැවිරිදි වියේ පසුවූ සැකකාර මාමා පොලිස් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා. 

මෙලෙස බරපතල ලෙස දූෂණයට ලක්ව ඇති නවගත්තේගම මැද්දෑව ප්‍රදේශයේ පදිංචිකාර වයස අවුරුදු 16ක් වන දැරිය මෙවර අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටිමට නියමිතයි.

පුත්තලම දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති චම්පික සිරිවර්ධන, පුත්තලම කොට්ඨාශ භාර නිළධාරි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි චන්ද්‍රසේන, නවගත්තේගම සහකාර පොලිස් අධිකාරි වීරසිංහ යන අයගේ උපදෙස් මත නවගත්තේගම පොලිස් ස්ථානයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක නවීන් ඉන්ද්‍රජිත් දයානන්දගේ මෙහෙයවීමෙන් උප පොලිස් පරික්ෂක හේරත්, පොලිස් කොස්තාපල් වරුන්වන (20204) දසනායක, (35146) ආනන්ද, (9008) කාන්තා පොලිස් කොස්තාපල් දිනේෂා යන නිලධාරින් සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශණ සිදු කරනවා.