Saturday, September 21, 2024

General line - 0115112241

"ඒකාබද්ධ විපක්ෂයේ ජනාධිපතිවරණ පොදු අපේක්ෂකයා ගැන මත ගැටුමක් නෑ"

මේනකා කහවලගේ




එ්කාබද්ධ විපක්ෂය ප‍්‍රමුඛ ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ, සිය ජනාධිපති ධූර අපේක්ෂා නම් කිරීමට කලබල නොවන බව පිවිතුරු හෙළ උරුමය පවසනවා.

එ් සඳහා තවත් කල් තිබෙන බවයි එහි නායක පාර්ලිමේන්තු මන්තී‍්‍ර උදය ගම්මන්පිල කියා සිටියේ.

සිය ජනාධිපති ධුර අපේක්ෂකයා පිළිබදව එ්කාබද්ධ විපක්ෂයේ මත ගැටුම් පවතින බවට පළ වන බවට ඇතැමුන් සිදු කරන ප‍්‍රකාශවලටද මන්තී‍්‍රවරයා මෙහිදී ප‍්‍රතිචාර දැක්වූවා.

එහිදී ඔහු සඳහන් කළේ "මත ගැටුමක් ඇති වෙන්න ජනාධිපතිවරණයක් ළඟ තියෙන්න එපැයි..මේ මොහොතේ ජනාධිපතිවරණයක් නෑ..අපේ උත්සහය තියෙන්නේ කල් දමා ඇති පළාත් සභා මැතිවරණ දිනා ගැනීමයි. නැති ප්‍රශ්නයක් විසඳහන්න ගිහින් නැති ප්‍රශ්නයක් හදා ගන්න අපිට උවමනාවක් නෑ" යනුවෙනි.