Saturday, September 21, 2024

General line - 0115112241

ග්ලයිෆොසෙට් තහනම් කරන්නේ නම් විකල්පයක් ඉල්ලයි

කසුන් කැලුම් / ලහිරු කපුගේ




තේ වගාව සඳහා ග්ලයිෆොසෙට් රසායනිකය තහනම් කරන්නේ නම් ඒ වෙනුවට විකල්පයක් හඳුන්වා දිය යුතු බව කුඩා තේ වතු හිමියන් පවසනවා.

ග්ලයිෆොසෙට් රසායනිකය තහනම් කළ යුතු බවට පාර්ශ්ව කිහිපයකින්ම මේ වනවිට ඉල්ලීම් ඉදිරිපත්ව තිබෙනවා. ඊට ප‍්‍රතිචාර දක්වමින් රත්නපුර කුඩා තේ වතු සංගමයේ කාරක සභික පී. එම්. ඞී. මුහන්දිරම් මේ බව කියා සිටියා.

නිසි වල් මර්දනයක් නොමැති වීමෙන් තේ වගාව ද අර්බුදයට ලක්ව ඇති බවයි මෙහිදී ප‍්‍රකාශ කෙරුණේ.