Saturday, September 21, 2024

General line - 0115112241

අම්බලන්ගොඩ මුහුදේ දිය නෑමට ගිය 06 දෙනෙකු අනතුරක




අම්බලන්ගොඩ තානායම අසල මුදුදේ දිය නාමින් සිටි 06 දෙනෙකු දියේ ගිලී අනතුරකට ලක්ව තිබෙනවා. ඉන් 05 දෙනෙකුගේ දිවි බේරා ගැනුණු අතර තවත් අයෙකු බලපිටිය රෝහලට ඇතුළත් කළ පසු මියගිය බවයි පොලීසිය පැවසුවේ.

ඇල්පිටිය රෝහලට අනියුක්තව සේවය කරන වෛද්‍යවරයෙකු සහ ඔහුගේ බිරිඳ ඇතුළු දියණීයන් දෙදෙනෙකු මෙම අනතුරට මුහුණ පා තිබෙනවා. ඔවුන්ගේ තවත් ඥාතීන් දෙදෙනෙකුද එම අවස්ථාවේ දියේ ගිලී ඇති බවයි පොලීසිය පැවසුවේ. එම ඥාතීන්ගෙන් අයෙකු මෙලෙස මිය ගොස් ඇති බවද පොලීසිය පැවසුවා.