Saturday, September 21, 2024

General line - 0115112241

යෝජිත 20 වන සංශෝධනය හරහා කිසිසේත්ම රට බෙදෙන්නේ නැහැ - ජවිපෙ

සජිත් තිලකරත්න




යෝජිත 20 වන සංශෝධනය හරහා කිසිසේත්ම රට බෙදීමේ තත්ත්වයක් ඇති නොවන බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා. 13 වෙනි ව්‍යවස්ථාව යටතේ ජනාධිපතිවරයා වෙත පැවරී තිබෙන කිසිදු බලයක් කප්පාදු වන්නේ නැති බවයි. එමෙන්ම 20 වෙනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය යටතේ පළාත් සභා බලතල, පොලිස් බලතල හෝ ඉඩම් බලතල කිසිවක් පළාත් මහ ඇමතිවරුන්ට හිමි නොවන බවත් ඒ සියලු බලතල ජනාධිපතිවරයා සතු බව අද (06) කැඳවා තිබූ මාධ්‍ය හමුවකට  එක්වෙමින් එහි ප‍්‍රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්ති‍්‍ර විජිත හේරත් මේ බව සඳහන් කළා.

මෙම 20වන සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් වීමෙන් පසු කාරකසභා අවස්ථාවේදී කිසිඳු බලය බෙදීමේ යෝජනාවක් ඊට ඇතුළත් කිරීමට තම පක්ෂය ඉඩ නොදෙන බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.