Saturday, September 21, 2024

General line - 0115112241

ගාල්ලේ ඉන්ධන පිරවුම්හලක් මංකොල්ලකයි (VIDEO)

හිනිදුම රවින්ද්‍ර චන්ද්‍රලාල්




මුහුණු ආවරණය කර ගිනිමින් යතුරු පැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු අද (06)  දින අළුයම දක්ෂිණ අධිවේගි මාර්ගයේ දෙවට පින්නදුව  පිවිසුම් මාර්ගයේ නුගදුවේ පිහිටි ඉන්ධන පිරවුම්හල් සේවකයින්ට ගිනි අවි පෙන්වා තර්ජනය කර රුපියල් 38000කට ආසන්න මුදලක් කොල්ලකා පලාගොස් ඇතැයි ගාල්ල වරාය පොලීසිය සඳහන් කරනවා.

අළුයම 12:15ට පමණ මුහුණු ආවරණය කර ගනිමින් යතුරුපැදියේ අංක තහඩු වසාගෙන කොල්ලකරුවන් දෙදෙනා පැමිණ ඇති බැව් පොලිසිය සිදු කරන ලද මුලික පරික්ෂණ වලදි අනාවරණය වි ඇත. 

සිද්ධිය සිදුවන අවස්ථාවේ  දී ඉන්ධන පිරවුම්හලේ සේවකයින් තිදෙනෙකු සිට ඇති අතර කොල්ලකරුවන් දෙදෙනා ගිනි අවියක් පෙන්වා එහි සේවයකයින්ට තර්ජනය කර තිබෙනවා. 
 එම අවස්ථාවේ දී සිදු වු සිදුවීමක් නිසා ගිනි අවිය ක්‍රියාත්මක කිරිමට යාමේදි  ජිව උණ්ඩ දෙකක් පිටවි ඇති අතර  ඉන්ධන පිරවුම්හල අසල තිබියදි එම ජිව උණ්ඩ දෙකද  පොලිසිය මගින් සොයාගෙන තිබෙනවා.

කොල්ලකරුවන් පින්නදුව දෙසට පලාගොස් ඇති අතර  ඉන්ධන පිරවුම්හලින් තෙල් ලබා ගැනිමට පැමිණි වෑන්රියක් කොල්ලකරුවන් පසුපස හඹා ගියද  නුගදුව වර්ණ සංඥා පද්ධතිය අසලදි කොල්ලකරුවන් දෙදෙනා අකුරැස්ස මාර්ගය ඔස්සේ පලාගොස් ඇතැයි පොලීසිය පවසනවා.

මෙම ඉන්ධන පිරවුම් හල පසුගිය මාස 08 ක පමණ කාලය තුළ කොල්ල කෑ දෙවන අවස්ථාව මෙය වෙනවා. පසුගිය වසරේ ඔක්තෝබර් මස 03 දින ද මෙසේ මෙම ඉන්ධන පිරවුම් හල කොල්ල කා තිබු අතර එහි දී ද මේ අකාරයෙන්ම මුහුණු ආවරණය කර ගනිමින් පැමිණි කොල්ලකරුවන් රු. 60000 කට අධික මුදලක් මංකොල්ල කා පලා ගොස් තිබුනා. 

නමුත්  ගාල්ල සහ මාතර ඉන්ධන පිරවුම් හල් කිහිපයක් මේ ආකාරයෙන් කොල්ල කා තිබු අතර එම සිද්ධිය හා සම්බන්ධ සැකකරුවන් එම වසරේම ඔක්තෝබර් මස 05 දින පොලිසිය සිදුකරන ලද විශේෂ මෙහෙයුමක දී අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත් වුනා. 

මාස 08 කට පමණ පසුව මෙම මංකොල්ලකෑම නැවත සිදුව ඇති අතර මෙම සිද්ධිය සම්බන්ධයෙන් ගාල්ල වරාය පොලිසිය වැඩිදුර පරික්ෂණ සිදුකරනවා.