මැයි පළමුවනදාට යෙදි තිබූ ජාත්‍යන්තර කම්කරු දිනය සමරමින් හෙට (07) දිනයේ තවත් දේශපාලන රැළි කිහිපයක් පැවැත්වෙනවා. ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ මැයි දින රැළිය පැවැත්වෙන්නේ මඩකලපුවේදීයි. ඊට ඉකුත් දා ආණ්ඩුවෙන් ඉවත් වූ 16 දෙනොද එක්වනු ඇති බවයි පැවසෙන්නේ.
ඒකාබද්ධ විපක්ෂයේ මැයි දින රැළිය ගාල්ලේදී හෙට පැවැත්වෙනවා. ජනතා විමුක්ති පෙරමුණේ මැයි දින රැළිය හෙට පැවැත්වෙන්නේ කොළඹදීයි.