Saturday, September 21, 2024

General line - 0115112241

සමෘද්ධි බැංකුව මහ බැංකුවට ගත නොහැකි හේතුවක් හෙළි කෙරේ

තරංග රුක්ෂාන් ජයසේකර




සමෘද්ධි බැංකුව මහ බැංකුව යටතට පත් කිරීමට පවතින නීතියට අනුව නොහැකි බව හිටපු මුදල් රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන පවසනවා.


1988 අංක 30 දරණ  බැංකු පනත  සහ 2011 අංක 42 දරන මුල්‍ය ආයතන යන පනත් දෙකටම පටහැනිවයි. එහි සඳහන් වනවා මෙම සමෘද්ධි බැංකුව මහ බැංකුව යටතට පත්කරන්න නොහැකියි කියලා. එසේ සිදුකිරීමට අවශ්‍ය නම් පාර්ලිමේන්තුවේ 2/3 බලයකින් මෙම පනත් සියල්ල වෙනස් කල යුතු බව පැවසූ හිටපු ඇමතිවරයා ඒ සඳහා කිසි සේත්ම ඉඩ ලබා නොදෙන බවද ප්‍රකාශ කර සිටියා.

මෙම බැංකුවේ තිබෙන බිලියන 120 ක තැන්පතුවක් තිබෙන බවත් මෙම බැංකුව මහ බැංකුව යටතට ගෙන එයින් මෙරට මුල්‍ය ශක්තිමත් කිරීමට ඉඩනොතබන බවත් මෙහිදී හිටපු ඇමතිවරයා අදහස් පළ කරමින් කියා සිටියා.

ඔහු මෙම අදහස් පළ කළේ අද (06) පැවැති කම්කරු දින සැමරුමේදී එක්සත් ජාතික පක්ෂ නායක අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා කළ ප‍්‍රකාශයකට ප‍්‍රතිචාර දක්වමින්. අග‍්‍රාමාත්‍යවරයා එහිදී පැවසුවේ සමෘද්ධි බැංකුව මහ බැංකුව යටතට පත් කරන බවයි.