Saturday, September 21, 2024

General line - 0115112241

දහසයේ කණ්ඩායම අද ගොඩවෙන වේදිකාව මෙන්න

තරංග රුක්ෂාන් ජයසේකර/සජිත් තිලකරත්න




ඉකුත් දා ආණ්ඩුවෙන් ඉවත් වූ ශි‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ 16 දෙනාගේ කණ්ඩායම අද (07) දිනයේ කුමන මැයි රැළියට සහභාගීවේදැයි ඉකුත් දින කිහිපයේ විවිධ වාර්තා පළවුණා.

මුල සිටම ප‍්‍රකාශ වුණේ එම කණ්ඩායම නිදහස් පක්ෂයේ මැයි රැළියට එක්වනු ඇති බවයි.

එහෙත්, ඒකාබද්ධ විපක්ෂයට සහය දක්වන පාර්ලිමේන්තු මන්ති‍්‍ර දිලූම් අමුණුගම කළ ප‍්‍රකාශයකින් එය වෙනස් වුණා. 

ඔහු කියා සිටියේ ආණ්ඩුවෙන් ඉවත් වු 16 යේ කණ්ඩායමේ සාමාජිකයින් ගාල්ලේ පැවැත්වෙන ශී‍්‍ර ලංකා පොදු ජන පෙරමුණේ මැයි රැළියට එක්වන බවයි.

16යේ කණ්ඩායමේ සාමාජිකයින් අද දිනයේ සහභාගී වන්නේ කුමන මැයි රැළියටදැයි එම පාර්ශ්වයෙන්ම නෙත් නිවුස් විමසීමක් කළා.

හිටපු අමාත්‍ය දයාසිරි ජයසේකර සඳහන් කළේ "ගාල්ලේ මැයි රැළියට අපිට සම්බන්ධ වෙන්න බෑ.. මොකද අපි තාමත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රිවරු. ඒ වගේම අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉස්සරහට අරගෙන යන්න ඕනේ කියන මතයේ ඉන්න අය. ඒ වගේම තමයි අපි යම් මතයක ඉන්නවා ශ්‍රීලනිපය ඒකාබද්ධ විපක්ෂය සමගත් අනෙකුත් පක්ෂ සමගත් ඒකාබද්ධ පොදු වැඩපිළිවෙලකට යා යුතුයි කියලා." යනුවෙනි.

කෙසේවෙතත් ශී‍්‍ර ලංකා නිදහස පක්ෂයේ මැයි රැළියට එක්වන්නේ 16යේ කණ්ඩායමෙන් කිහිප දෙනෙකු පමණක් වියහැකි බවටද වාර්තා පළ වනවා.