Saturday, September 21, 2024

General line - 0115112241

ලෙස්ටර්ගේ 'රණ මයුර' සම්මානය ඉස්සු 05ක් අල්ලයි

ඉෂාර සුපෙම් මානගේ




ආචාර්ය ලෙස්‌ටර් ජේම්ස්‌ පීරිස්‌ මහතාට අයත් රණ මයුර සම්මානය සොරාගත් කල්ලියේ 05 දෙනෙක් මේ වන විට අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කළ පොලිස් කණ්ඩායම් මෙම සැකකරුවන් කොටු කර ගැනීමට සමත් වුණා.

ලෙස්‌ටර් ජේම්ස්‌ පීරිස්‌ මහතාගේ නිවසින් සොරාගත් රණමයුර සම්මානය කඩුවෙල කොල්ලුපිටිය අතර ධාවනය වන මාර්ග අංක 177 සුඛෝපභෝගි පෞද්ගලික බස්‌ රථයක දමාගොස්‌ තිබියදී කොල්ලුපිටිය පොලිසිය මගින් පෙරේදා (05) සොයා ගත්තා.

ප්‍රශ්න කිරීමේදී සැකකරුවන් පවසා ඇත්තේ මෙම සම්මානය සොරා ගැනීම පිළිබඳව මාධ්‍ය ඔස්‌සේ විශාල ප්‍රචාරයක්‌ ලැබීම නිසා තමන් දැඩිලෙස බියට පත්වු බැවින් සම්මානය බස්‌ රථයක දමා ගිය බවයි. එම සම්මානය තමන් විකිණීමට උත්සහ නොකළ බවද සැකකරුවන් විසින් ප්‍රකාශ කර ඇති බවයි වාර්තා වෙන්නේ.

මේ අතර ලෙස්‌ටර් ජේම්ස්‌ පීරිස්‌ මහතාගේ නිවසින් ඇපල් වර්ගයේ ජංගම දුරකථනය සොරාගෙන ඇත්තේද මෙම සැකකරුවන් විසින් බවට විමර්ශනවලදී හෙළිවී ඇති බවද සඳහන්. එම ජංගම දුරකථනය අලෙවි කර තිබූණා.