Saturday, September 21, 2024

General line - 0115112241

කෝටියක රත්‍රං සමග කාන්තාවන් දෙදෙනෙක් කොටු (PHOTOS)

ටී.කේ.ජී කපිල




රුපියල් කෝටියක් පමණ වටිනා ස්වර්ණාභරණ තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන ආ ශ්‍රී ලාංකික ගුවන් මගී කාන්තාවන් දෙදෙනෙකු ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අද (08) දින අලුයම කටුනායක ගුවන් තොටුපොළේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම කාන්තාවන් දෙදෙනා යාපනය ප්‍රදේශයේ පදිංචිකාරිනියන්‍ වන අතර, එක් කාන්තාවකගේ වයස අවුරුදු 56 ක්. අනෙක් කාන්තාව 50 වැනි වියේ පසුවනවා.

ඔවුන් විසින් රැගෙන ආ අත් බෑග්වල එක් අයෙකු ග්‍රෑම් 836 ක් සහ අනෙක් කාන්තාව ග්‍රෑම් 264 ක් වශයෙන්, කිලෝ ග්‍රෑම් 01 යි ග්‍රෑම් 100 ක් මුළු බර වූ මෙම ස්වර්ණාභරණ තොගය සගවා ගෙන පැමිණ තිබුණා.

මෙම ස්වර්ණාභරණ අතර මාල, වළලු, කරාබු, ගෙල පළදනා ආදිය තිබූ බව පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ ප්‍රකාශකයෙකු පැවසුවා.

මොවුන් දෙදෙනා අද දින අලුයම 1.45 ට පමණ සිංගප්පූරුවේ සිට පැමිණි එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ. - 349 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා.

කටුනායක ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් දෙදෙනෙකු වෙත ලැබී තිබුණු තොරතුරක් මත මෙම අත්අඩංගුවට ගැනීම සිදු කළා.