Saturday, September 21, 2024

General line - 0115112241

ලෝක තැලසීමියා දිනය අද - මෙරට ජනග්‍රහණයෙන් තැලසිමියා රෝග වාහකයින් ගැනත් සෞඛ්‍ය අංශ පැහැදිළි කරයි




ලෝක තැලසිමියා දිනය අදට (08) යෙදි තිබෙනවා. තැලසිමියා රෝගය තුරන් කිරිම සඳහා වැඩසටහන් රැසක් ඉදිරියේ දි ක්‍රියාත්මක කිරිමට යෝජනා වි ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ බෝ නොවන රෝග ඒකකයේ ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය ඒකකය පෙන්වා දෙන්නේ. 

තැලසිමියා යනු රුධිරයේ රතු රුධිරාණුවල අඩංගු හිමොග්ලෝබින් අණුවේ ව්‍යුහයේ ඇති අසාමාන්‍යතාවයක් හේතුවෙන් ඇතිවන බෝ නොවන රෝගයකි.

තැලසිමියා රෝගය හේතුවෙන් එක් රෝගියෙක් වෙනුවෙන් රජය රුපියල් මිලියන 10ක් පමණ මුදලක් වැය කරන අතර වාර්ෂිකව සෞඛ්‍ය දෙපාර්තමේන්තුව 5%ක ප්‍රමාණයක් තැලසිමියා රෝගීන් සඳහා වැය කරනවා.

ශ්‍රි ලංකාවේ තැලසිමියා රෝගීන් සෑම ප්‍රදේශයකම වාර්තා වී ඇති නමුත් වැඩි වශයෙන් රෝගින් වාර්තා වන්නේ උතුරු මැද, මධ්‍යම, ඌව, වයඹ පළාත්වලිනි. මේ වන විට නිරන්තරයෙන් රෝහල් වලින් ප්‍රතිකාර ලබා ගන්නා රෝගින් සංඛ්‍යාව 1500- 2000 අතර වන බවත් ලංකාවේ ජනගහනයෙන් 4%ක ප්‍රමාණයක් තැලසිමියා රෝග වාහකයින් වහයෙන් අනුමාන කර ඇති බවත් සඳහන්.

තැලසිමියා රෝග වාහකයන් දෙදෙනෙක් අතර විවාහයෙන් ලැබෙන දරුවන් ගෙන් 25% රෝගය වැළදිමේ අවදානමක් තිබෙනවා.

රෝගය වළක්වා ගැනීමට නම් එවැනි වාහකයින් අතර විවාහයන් වළක්වා ගත යුතු බව ද සඳහන්.