Saturday, September 21, 2024

General line - 0115112241

ජනපතිගේ ප්‍රකාශයට ජවිපෙ හැරෙන තැපෑලෙන් පිළිතුරු දෙයි

ලහිරු කපුගේ




ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා කුමන පොරොන්දු ලබා දුන්නද ඔහුද බලය අත් හැරීමට සූදානම් නොමැති බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා.

2020දී විශ‍්‍රාම නොගන්නා බවට ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතා ඊයේ (07) කළ ප‍්‍රකාශයට ප‍්‍රතිචාර දක්වමින් එහි ප‍්‍රධාන ලේකම් ටිල්වින්ද සිල්වා මේ බව ප‍්‍රකාශ කළා.

ඒ කොළඹ බී. ආර්. සී. පිටියේ පැවැති ජනතා විමුක්ති පෙරමුණේ මැයි දින රැළිය අමතමින්.

එක්සත් ජාතික පක්ෂයේ සහ ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ පවතින අර්බුධ සම්බන්ධයෙන්ද මෙහිදී අදහස් පළ කෙරුණා.

ධනපති පාලකයන්ට අභියෝග කරන වර්ජන මාලාවක් ඉදිරියේදී කි‍්‍රයාත්මක කරන බවයි රැළිය අමතමින් ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික කේ. ඩී. ලාල් කාන්ත ප‍්‍රකාශ කළේ.