Saturday, September 21, 2024

General line - 0115112241

ජනපති අද ඉදිරිපත් කරන ප්‍රතිපත්ති ප්‍රකාශයේ කරුණු ගැන ඒකාබද්ධ විපක්ෂය අවධානයෙන් 

කසුන් කැළුම්/ පසන් වික්‍රමතිලක




ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතා පාර්ලිමේන්තුවට අද (08) ඉදිරිපත් කරන ප‍්‍රතාපත්ති ප‍්‍රකාශය පිළිබඳව ඒකාබද්ධ විපක්ෂය විවාදයක් ඉල්ලා සිටිනවා. 

ඒ පිළිබඳව නෙත් නිවුස් වෙත අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්තී‍්‍ර රංජිත්ද සොයිසා සඳහන් කළේ මෙවැනි විවාදයක් ඉල්ලා සිටින්නේ ජනාධිපතිතුමා විසින් ඉදිරිපත් කරන ප්‍රතිපත්ති ප්‍රකාශයේ අන්තර්ගත කරුණු සහ යෝජනා පිළිබඳව බවයි.

මේ අතර අද පැවැත්වෙන 8 වැනි පාර්ලිමේන්තුවේ දෙවන සැසිවාරයේ දී ජාතික ආණ්ඩුවෙන් ඉවත් වූ ශි‍්‍ර ලංකා නිදහස් පක්ෂ 16දෙනාගේ කණ්ඩායම විපක්ෂයේ අසුන් ගැනීමට නියමිතයි.