Saturday, September 21, 2024

General line - 0115112241

රංගජීව සහ එමිල් රංජන් යළි රිමාන්ඩ්




පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ පොලිස්  පරීක්ෂක නියෝමාල්  රංගජීව සහ හිටපු  බන්ධනාගාර අධිකාරි එමිල් රංජන් ළමාහේවා ලබන මස 22 දා දක්වා අද යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා. එ්  කොළඹ අතිරේක  මහේස්ත‍්‍රාත් රංග දිසානායකගේ නියෝගයකට අනුවයි.

2012 වර්ෂයේදී වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියන්  27 දෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඔවුන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අදාළ නඩුවේ වැඩිදුර පරීක්ෂණ සිදුකර මීලඟ දින එහි ප‍්‍රගතිය වාර්තා කරන ලෙයසි කොළඹ අතිරේක මහෙස්ත‍්‍රාත්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද නියෝග කළේ.  

සැකකාර එමිල් රන්ජන් ළමාහේවා මේ වන විට කොළඹ මහාධිකරණයෙන් ඇප ඉල්ලා ප‍්‍රතිශෝධන පෙත්සමක් ගොනුර කර තිබෙනවා. එය ඉදිරි දිනකදී කොළඹ මහාධිකරණයේ දී සලකා බැලීමට නියමිතයි.