Saturday, September 21, 2024

General line - 0115112241

මිලියන 8 කට අධික මත්ද්‍රව්‍ය සමග තිදෙනෙක් අත්අඩංගුවට




රුපියල් ලක්ෂ 86ක් වටිනා මත්ද්‍රව්‍ය සමග සැකකරුවන් දෙදෙනෙකු සහ සැකකාරියක් කොළඹ අපරාධ කොට්ඨාශය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒමීතොටමුල් ප‍්‍රදේශයේ නිවසක සංවිධානාත්මක අපරාධකරුවෙකු රැඳී සිටින බවට ලද තොරතුරක් මත සිදු කෙරුණු වැටලීමකදීයි. හෙරොයින් ග්‍රෑම් 503යි මිලි ග්‍රෑම්  540ක්, කොකේන් ග්‍රෑම් 66යි මිල් ග්‍රෑම් 56ක්,  අයිස් නැමැති මත්ද්‍රව්‍ය ග්‍රෑම් 02 යි මිලි ග්‍රෑම් 90ක්, මත් පෙති 42ක්, ජංගම දුරකථන 10ක් සහ රුපියල් 75,000 කට ආසන්න මුදලක් එහිදී පොලිස් භාරයට ගෙන තිබෙනවා. 

සැකකරුවන් හෙට (10) අලූත්කඬේ අංක 03 මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.