Saturday, September 21, 2024

General line - 0115112241

අපේක්ෂක වියදම් සිමා කිරීමේ පනතේ කෙටුම්පත ජනපතිට

නිශාන් ද සිල්වා




මැතිවරණ සඳහා ඉදිරිපත් වන අපේක්ෂකයන්ගේ වියදම් සීමා කිරීමේ කෙටුම්පතක් මැතිවරණ නිරික්ෂණ සංවිධාන විසින් ජනාධිපතිවරයා වෙත යොමු කර තිබෙනවා. එහි පිටපතක් විෂය භාර අමාත්‍ය ෆයසිර් මුස්තාෆා වෙතද භාර දුන් බවයි පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්‍ෂ රෝහණ හෙට්ටිආරච්චි නෙත් නිවුස් වෙත කියා සිටියේ. 

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂකවරයා කියා සිටියේ ඉදිරි මැතිවරණයට පෙර අපේක්ෂක වියදම් සිමා කිරීමේ පනත පාර්ලිමේන්තුවේ සම්මත නොවුනහොත් මුදල් ඇති අපේක්ෂකයින් පළාත් සභා හා ව්‍යවස්ථාදායකයට පත්වීමේ ඉඩකඩ පවතින බවත් ඒ මගින් සුදුස්සාට සුදුසු තැන අහිමි වන තත්ත්වයක් ඇතිවන බවයි.

ඉකුත් පළාත් පාලන ඡන්ද විමසීමේදී විශාල මුදලක් වියදම් කළ අපේක්ෂකයෙකුට එරෙහිවද සිය සංවිධානය නීතිමය පියවර ගෙන ඇති බවයි මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.