දිවයින පුරා සවස්කාලයේ ගිගුරුම් සහිත වැසි ඇතිවීයම් හැකියාව තවදුරටත් ඉහළ මට්ටමක පවතීන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
දිවයිනේ බොහෝ පළාත්වල, සවස 2.00 න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති බලාපොරොත්තු වනවා. බස්නාහිර සහ දකුණු පළාත්වලත් පුත්තලම දිස්ත්රික්කනෙත් උදෑසන කාලහේදීත් වැසි ඇති වේ. බස්නාහිර, මධ්‍යම දකුණ සහ ඌව පළාත්වලත් අම්පාර, මඩකලපුව සහ කුරුණෑගල දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථාන වලට මි.මී. 75 ක පමණ තරමක් තද වැසි ඇති විය හැක.
සබරගමුව සහ මධ්‍යම පළාත්වල සමහර ප්‍රදේශවල උදෑසන කාලහේදී මීදුම් සහිත තත්ත්වයක් අහේක්ෂා කළ හැක. ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැක. අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට පියවර ගන්නා ලෙසයි නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.