Monday, December 23, 2024

General line - 0115112241

උතුරු පළාත් සභාව "ජන සංහාර සතියක්" නම් කරයි - 18 දා ශෝක දිනයක්

මාධව කුලසූරිය - වව්නියාව




අවසන් යුද සමයේ ඝාතනට ලක්වු දෙමළ ජනතාව සිහි කරමින් "ජන සංහාර සතියක්" පැවැත්වීමට හා මැයි 18 වැනිදා ශෝක දිනයක් ලෙස නම් කිරීමට උතුරු පළාත් සභාව ඊයේ (10) පළාත් සභා දෙමළ ජාතික සන්ධාන මන්ත්රීවරුන්ගේ ඒකමතික කැමැත්ත මත යෝජනා සම්මත කර ගනු ලැබුවා.

පළාත් සභා 122 වන සැසි වාරය යාපනය කයිතඩි පළාත් සභා සංකීර්ණයේදී පැවැත්වු අවස්ථාවේදී අදාළ යෝජනාව සම්මත කරගැණින.

උතුරු පළාත් සභා කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය  ආනන්දි සෂිදරන්වි සින් අදාළ යෝජනාව ඉදිරිපත් කළ අතර ප්‍රධාන අමාත්‍ය සි.වි. විග්නේශ්වරන් ප්‍රමුඛ  දෙමළ ජාතික සන්ධාන නියෝජිතයින් අදාළ යෝජනාව ඒකමතිකව සම්මත කළා.

මැයි 14 වැනිදා සිට මැයි 20 වැනිදා දක්වා ජන සංහාර සතියක් ලෙස නම් කළ අතර, අදාළ සතිය තුළදි යුද්ධයෙන් මියගිය දෙමළ ජනතාව සිහි කිරීම සිදුකළ යුතු බවට යෝජනාව ඉදිරිපත් වුණා.

මැයි 18 වැනිදා මුලතිව් වෙල්ලමුල්ලිවයික්කාල් හිදී යුද්ධයෙන් මියගිය දෙමළ ජනතාව සිහි කරමින් සැමරුම් වැඩසටහනක් පැවැත්වීමට  දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රීවරු කටයුතු සුදානම් කොට ඇති අතර ඒ වෙනුවෙන් පළාත් සභා‍ දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රීවරයකුගෙන් රුපියල් 7000 ක මුදලක්ද  එකතු කර තිබෙනවා.

උතුරු පළාත් සභා මන්ත්‍රී එම්.කේ  ශිවාජිලිංගම්පැ වසූවේ යුද්ධයෙන් මියගිය දෙමළ ජනතාවගේ ආත්මයට ශාන්තිය පතා 18 වැනිදා වෙල්ලමුල්ලිවයික්කාල් යුද සැමරුම අභියසදී දෙමළ ජාතික සන්ධාන නායකයින්ගේ ප්‍රධානත්වයෙන් සැමරුම් වැඩසටහනක් පැවැත්වීමට නියමිත බවයි.