Monday, December 23, 2024

General line - 0115112241

පහේ හපනුන් සවිබල ගන්වන නෙත් - සම්පත් ශිෂ්‍යත්ව සම්මන්ත‍්‍රණ මාලාව (UPDATE)




නෙත් එෆ් එම් රේඩියෝව හා සම්පත් බැංකුව එක්ව වාර්ෂිකව සංවිධාන කරන 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව සම්මන්ත‍්‍රණ මාලාවේ මෙම වසරේ පළමු වැඩසටහන මහරගම තරුණ සේවා සභාවේදී අද (12) සාර්ථකව නිමාවට පත් වුණා. එ් සදහා එක්ව සිටි සිසු සිසුවියන් සංඛ්‍යාව දෙදහසකට අධිකයි. මෙම වැඩසටහනින් තමන් ලද අත්දැකීම් පිළිබදව ඊට එක්වූ සිසු දරුදැරියන් මෙලෙස අදහස් පළකළා.

සිසු සිසුවියන්ගේ මව්පියන් වෙනුවෙන් ද මෙම සම්මන්ත‍්‍රණයේදී දේශණයක් පැවැත්වුණා. මේ එහිදී ලද අත්දැකීම් පිලිබද විස්තර කළ දෙමාපියන් කිහිපදෙනෙක්.

 

.....................................................................................................................................

පහේ හපනුන් සවිබල ගන්වන නෙත් - සම්පත් ශිෂ්‍යත්ව සම්මන්ත‍්‍රණ මාලාව අදින් ඇරඹෙයි

(12-05-2018 07:48)

නෙත් එෆ් එම් රේඩියෝව හා සම්පත් බැංකුව එක්ව වාර්ෂිකව සංවිධාන කරන 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව සම්මන්ත‍්‍රණ මාලාවේ මෙම වසරේ පළමුවැන්න අද (12) පැවැත්වෙනවා. ඒ, මහරගම තරුණ සේවා සභාවේදීයි. සම්මන්ත‍්‍රණය මෙහෙයවනු ලබන්නේ පානදුර ශී‍්‍ර සුමංගල විද්‍යාලයේ ආචාර්ය සරත් ආනන්ද ගුරුතුමන් විසින්.

ඊට අමතරව සිසු සිසුන්ගේ මව්පියන් වෙනුවෙන් දේශනයක් පැවැත්වීමද මෙම සම්මන්ත‍්‍රණ මාලවේ විශේෂත්වයක්. ඇහැළියගොඩ අනුර මහා විද්‍යාලයේ විදුහල්පති සරත් අලවතුර ගුරුතුමන් විසින් එම දේශනය පවත්වනු ලබනවා.

ඒ පිළිබඳ කරුණු දැක්වූ සම්පත් බැංකුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී පාරිභෝගික බැංකුකරණ, තාරක රන්වල

මෙවර 5 ශ්‍රේණීයේ ශිෂ්‍යත්ව විභාගය අගෝස්තු මස 05වනදා පැවැත්වීමට නියමිතව තිබෙනවා. සිසු සිසුවියන් තුන් ලක්ෂ 26,000කට අධික පිරිසක් මෙවර එම විභාගයට පෙනී සිටීමට නියමිතයි.

 

 

................................................................................................................................

"නෙත් - සම්පත්" 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව සම්මන්ත‍්‍රණ මාලාවේ පළමුවැන්න මහරගමදී

(11-05-2018 19:59)

නෙත් රේඩියෝව හා සම්පත් බැංකුව එක්ව වාර්ෂිකව සංවිධාන කරන 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව සම්මන්ත‍්‍රණ මාලාවේ මෙම වසරේ පළමුවැන්න හෙට පැවැත්වෙනවා. ඒ, මහරගම තරුණ සේවා සභාවේදීයි.

සම්මන්ත‍්‍රණය මෙහෙයවනු ලබන්නේ ප්‍රවීණ දේශක පානදුර ශී‍්‍ර සුමංගල විද්‍යාලයේ ආචාර්ය සරත් ආනන්ද ගුරුතුමන් විසිනි.