ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් රාජ්‍ය දැව සංස්‌ථාවේ නව සභාපතිවරයා ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්‌ඩාර පත් කරනු ලැබුවා.
අදාළ පත්වීමේ ලිපිය ජනාධිපති නිල නිවසේදී ඊයේ (11) දහවල් ලබා දුන්නා.
ශාන්ත බණ්‌ඩාරට මෙම තනතුර ලබාදීමට පෙර අනුරුද්ධ පොල්ගම්පොළ එම ධුරයට පත්කල අතර ඔහුට එරෙහිව අල්ලස් දූෂණ චෝදනා ඇති බවට විවිධ පාර්ශව මගින් එල්ල කරන ලද චෝදනා සලකා බලා ජනාධිපතිවරයා විසින් ඔහු එම තනතුරින් පෙරේදා (10) ඉවත් කරනු ලැබුවා.
ඊට පෙර මෙම තනතුර දැරුවේ පී. දිසානායක වන අතර ඔහු ඉකුත් 03 වැනිදා අල්ලස් හෝ දූෂණ විමර්ශන නිලධාරීන් විසින් අල්ලස් ගැනීමේ සිද්ධියකට අත්අඩංගුවට ගනු ලැබුවා.