කොරියානු රාජ්‍යයේ ඉදිකිරීම් ක්ෂේත්රයේ රැකියා සඳහා 2018 වර්ෂයට අදාළව පැවැත්වුණු විභාගයෙන් අපේක්ෂකයින් 546 දෙනෙකු සමත්විය. ඔවුන් සඳහා නිපුණතා පරික්ෂණ මැයි මස 16 හා 17 පැවැත්වෙනවා. කුසලතා පරික්ෂණ මැයි 26 දින සිට 28 දින දක්වා පැවැත්වීමට නියමිතය.
2018 වර්ෂයට අදාළව නිෂ්පාදන ක්ෂේත්රයේ ඉල්ලූම්කරුවන් සඳහා භාෂා පරික්ෂණ දිනයන් වේලාව හා මධ්‍යස්ථානය පිළිබඳව විස්තර මැයි මස 14 දින www.slbfe.lk කාර්යාංශයේ නිල වෙබ් අඩවියේ පළකරන බවයි කාර්යාංශය පවසන්නේ. නිෂ්පාදන අංශයේ රැකියා සඳහා පරික්ෂණ මැයි මස 21 දින සිට ආරම්භ කිරීමට කටයුතු යොදා ඇති බව විදේශ රැකියා නියුක්ති කාර්යාංශය පවසනවා.