වත්මන් ආණ්ඩුව සංහිදියාව ඇති කිරීම සඳහා ගෙන ඇති ඇතැම් ක්රියාමාර්ග, ඵල රහිත බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසුවා. කළුතර ප්රදේශයේ ආගමික ස්ථානයක පැවති උත්සවයක් අමතමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මේ බව කියා සිටියා.
"පන්සල්වලට අද අලුතෙන් නීති දාලා තියෙනවා. පන්සලක් හදන්න බෑ දහම් පාසලක් හදන්න බෑ. ඒකටත් පල්ලියෙන් දේවස්ථානයෙන් කෝවිලෙන් අවසර ගන්න වෙලා. මේ ආගමික නායකයින්ගෙන් සැදුම් ලත් කොමිටියකින් තමයි එය තීරණය කරන්නේ. කෝවිලක් හදන්න ගියත්, පල්ලියක් දේවස්ථානයක් හදන්න ගියත් මේ දේම වෙනවා. ජාතීන් අතර තිබුණු අසමගිය මේ එක්ක ආගම් අතරත් අසමගියක් බවට පත්වෙනවා." යැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වැඩිදුරටත් පැවසුවා.
ඔහු පෙන්වාදෙන්නේ එමගින් ජාතීන් අතර තවදුරටත් විරසකවීම් ඇතිවිය හැකි බවයි.