Sunday, December 22, 2024

General line - 0115112241

ජනපති දිවයිනට (UPDATE)

ටී කේ ජී කපිල - කටුනායක




ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු ශ්‍රී ලංකා දූත පිරිස සිය දෙදින ඉරාන සංචාරය නිමා කර අද (15) දින අලුයම 1.45 ට දිවයිනට පැමිණි බව කටුනායක ගුවන්තොටුපල වාර්තාකරු සඳහන් කළා.

කටාර් ගුවන් සේවයේ කිව්.ආර් . - 668 (Q.R.-668) දරන ගුවන් යානයෙන් ජනාධිපතිවරායා ප්‍රමුඛ ධූත පිරිස මෙලෙස පැමිණි බවයි සඳහන් කළේ. 

-----------------------------

ජනපති හමු වූ ඉරානයේ ආධ්‍යාත්මික නායකයා ලංකාවේ වැඩියෙන්ම කැමතිම දේ ගැනත් මතක් කරයි  (PHOTOS)

(14-05-2018 13:12)

 

ඉරානයේ දෙදින රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ ඉරානයේ ආධ්‍යාත්මික නායක අයතුල්ලා අලි කමේනි අතර හමුවක් ඊයේ (13) පස්වරුවේ ටෙහෙරාන් නුවරදී සිදු වුණා.

මෙහිදී ඉරාන ආධ්‍යාත්මික නායකයා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාව හෘදයාංගම ලෙස පිළිගනු ලැබූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

අතීතයේ පටන් පවතින ශ්‍රී ලංකා - ඉරාන සබඳතා සවිමත්ව ඉදිරියට ගෙනයාමේ වැදගත්කම මෙහිදී පෙන්වාදුන් ඉරාන ආධ්‍යාත්මික නායකයා දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික සබදතා මෙන්ම ජනතාව අතර සබඳතා ද වැඩිදියුණු කර ගැනීමේ වැදගත්කම පෙන්වා දී තිබෙනවා.

රටවල් දෙකම භූගෝලීය වශයෙන් වැදගත් ස්ථානවල පිහිටා තිඛෙන අතර, ඒ අනුව ඉදිරි දියුණුවට රටවල් දෙකටම ඇති ශක්‍යතාවයන් උපරිම ලෙස භාවිතයට ගැනීමේ වැදගත්කම ද පෙන්වා දී තිබුණා.

මෙහිදී ඉරාන ආධ්‍යාත්මික නායකයකා විශේෂයෙන් සදහන් කර ඇත්තේ තමන් කවදත් ශ්‍රී ලංකාවේ තේවලට ඉතා කැමැත්තක් දක්වන බවයි.

මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිතුමා, අධ්‍යාත්මික නායකයෙකු වශයෙන් එතුමා ඉටුකරන මෙහෙය ඇගයීමට ලක් කර තිබෙනවා. බෞද්ධ දර්ශනය මත පදනම් වූ සමාජයක් ශ්‍රී ලංකාවේ පවතින බවත්, ආගමික දර්ශනයන් තුළින් සමාජය සුවපත් කළ හැකි බවත් ජනාධිපතිතුමා සඳහන් කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය පෙන්වා දෙන්නේ.

මේ අතර ඉරානයේ ටෙහෙරාන් නුවර වෙසෙන ශ්‍රී ලාංකිකයින් පිරිසක් ද ඊයේ (13) පස්වරුවේ ජනාධිපතිතුමා හමුවී තිබෙනවා.

------------------------------

ශ්‍රී ලංකා ජනපති සහ ඉරාන ජනපති හමුවෙයි (UPDATE / PHOTOS)

(13-05-2018 21:10)

 

ඉරානයේ නිල සංචාරයක නිරත ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතා අද (13) එරට ජනාධිපති හසන් රොහානි හමුවුණා. දෙරටේ නායකයින් අතර එහිදී ද්විපාර්ශවික සාකච්ඡා පැවැත්වෙන බවයි ජනාධිපති මාධ්‍ය ඒකකය පැවසුවේ. මෙම සාකච්ඡාවෙන් පසු දෙරටට වැදගත් ගිවිසුම් 05ක් සඳහා අත්සන් තැබීමට නියමිතයි. 

 

......................................................................................................................

ශ්‍රී ලංකා ජනපති සහ ඉරාන ජනපති අද හමුවෙයි

(13-05-2018 10:08)

ඉරානයේ නිල සංචාරයක නිරත ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතා අද (13) එරට ජනාධිපති හසන් රොහානි හමුවනවා.

ජනාධිපතිවරයා ඊයේ (12) රාති‍්‍රයේ ඉරානයට ළඟා වූ බවයි ජනාධිපති මාධ්‍ය ඒකකය පැවසුවේ.


-------------------------------

ජනපති ඉරාණය බලා යයි

(12-05-2018 12:40)

ටී.කේ.ජී කපිල

 

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනමහතා දෙදින නිල සංචාරයක් සදහා අද (12) දින දහවල් ඉරානයේ ටෙහෙරාන් නුවර බලා පිටත්ව ගියා . එතුමා සමග දූත පිරිස 10 ක් පමණ මෙම සංචාරය සදහා එක් වී සිටිනවා 

ඔවුන් කටාර් ගුවන් සේවයේ Q.R.- 665  දරණ ගුවන් යානයෙන්ද හවල් 11.50 ට පමණ කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත්ව ගියා.