Monday, December 23, 2024

General line - 0115112241

ජල ගාස්තු ඉහළ දැමීමේ සූදානමක්

සමන්ත කුමාර/ දිල්ෂාන් තුෂාර




ජල ගාස්තු වැඩි කිරීමේ අවශ්‍යතාවක් පැවතුණ ද මෙතෙක් ඒ පිළිබඳ අවසන් තීරණයක් ගෙන නොමැති බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.

එහි සභාපති කේ ඒ අන්සාර් පැවසුවේ ඉන්ධන මිල ඉහළ යාම ජල ගාස්තු වැඩි කිරීමට හේතුවක් කර නොගන්නා බවයි. 2012 වසරින් පසු ජල ගාස්තු ඉහළ දමා නැතැයි සභාපතිවරයා පෙන්වා දෙනවා. 2015 වසරේදී ජල ගාස්තුව පහළ දැමූ බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ. වසර තුනකට වරක් ජල ගාස්තු සංශෝධනයට ලක්වන බවයි ඔහු පැවසුවේ.