ත්රිරෝද රථ රියදුරෙකුට පහරදීම සම්බන්ධයෙන් රුසියානු ජාතිකයෙක් අද (12) අළුයම හික්කඩුව පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අධික ලෙස බීමතින් සිට ඇති රුසියානු ජාතිකයා හික්කඩුව, නාරිගම ප්රදේශයේදී ත්රිරෝද රථ රියදුරුට පහරදී ඇති බව පොලිසිය සඳහන් කරනවා.
තමා සමග කුලී ගමනක් යාමට ත්රිරෝද රථ රියදුරුට කතා කර ඇති අතර අධික ලෙස බීමතින් සිටි විදේශිකයා ගෙන් කුලී ගමනට මුදල් නොලැබෙය සිතා ඔහු එය ප්රතික්ෂේප කර තිබෙනවා එයින් කෝපයට පත් රුසියානු ජාතිකයා අදාළ ත්රිරෝද රථ රියදුරුට පහරදී තිබෙනවා.