ලෝක වෙළදපොලේ ඉන්ධන මිල ඉහළ යාමට සාපේක්ෂව, ලංකා වෙළදපොලේ ඉන්ධන මිල ඉහළ යාමක් සිදු වුවත් විදුලි ඒකකයක් සදහා අය කරන මිල, වැඩි කිරීමට තීරණයක් ගෙන නැතැයි විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.
අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කලේ සූර්ය පැනල ලංකාවේ නිෂ්පාදනය කරන ප්‍රථම කර්මාන්ත ශාලාවේ නිරීක්ෂණයකට එක් වෙමිනි.
අපි ලෝක වෙළදපොලෙහි විවිධ උච්චාවචනයන්ට මුහුණ දෙමින්, අපේ රටේ ආර්ථිකය සවිමත්ව ගෙනයන්න කටයුතු කරනවා. එහිදී ජනතාවට අඩුම බරක් ඇතිවන ආකාරයට තමයි අපි කටයුතු කරන්නේ. ඉන්ධන මිල වැඩි කිරීමේදී අපි කටයුතු කලේ ඒ ආකාරයෙන්. ඒ නිසා අපි විදුලි මිල වැඩි කිරීමේ තීරණයක් ගෙන නැහැ. අපි උත්සාහ කරන්නේ ජනතාවට උපරිම සහනය ලබාදීමටයැයි අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටියා.