Monday, December 23, 2024

General line - 0115112241

සමෘද්ධිය මහ බැංකුවට පවරන්නේ නැහැ - විෂයභාර ඇමතිගෙන් ප‍්‍රකාශයක්

නිෂාන් ද සිල්වා




සමෘද්ධි බැංකුව මහ බැංකුවට පැවරීමක් සිදු නොවන බව විෂය භාර අමාත්‍ය පී හැරිසන් අද (12) ප‍්‍රකාශ කළා. කෙසේ වෙතත් එක්සත් ජාතික පක්ෂය සංවිධාන කළ මැයිදින සැමරුම් උත්සවයේදී පක්ෂ නායක අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා කියසිටියේ සමෘද්ධි බැංකුව මහබැංකුව වෙත පවරා ගන්නා බවයි. 

මේ සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් නැගූ ප‍්‍රශ්ණ වලට පිළිතුරු ලබා දෙමින් පී හැරිසන් අමාත්‍යවරයා කියා සිටියේ පසුගිය කාලේ සමෘද්ධි බැංකුවේ විගණනයක් සිදුව නොමැති බවත් ඒ හේතුවෙන් නිසි විගණනයක් සිදුකළ යුතු බවයි.