ඉපලෝගම ප‍්‍රදේශයේ ඩෝසර් කර දැමූ පුරාවිද්‍යා නටබුන් නිරීක්ෂණය කිරීම සදහා හිටපු අමාත්‍ය මර්වින් සිල්වා ඇතුලූ පිරිසක් අද (12) එම ස්ථානයට පැමිණියා. ඉපලෝගම බැලූම්ගල නව ගම්මානය සදහා තැබූ මුල්ගලද ඔහු විසින් ගලවා දැමූ බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ. පසුව විජිතපුර බලකොටුව ආසන්නයේ දී බැලූම්ගල ප‍්‍රදේශයේ පිහිටා තිබූ පහන්ගල නම් ස්ථානයට පැමිණ හිටපු අමාත්‍ය මර්වින් සිල්වා විසින් දුටුගැමුණු රජතුමා වෙනුවෙන් පහන් දැල්වීමද සිදුකළා. එම ස්ථානයේ පිහිටි එළාර රජුගේ ගල් ලෙනට හිටපු අමාත්‍යවරයා පැමිණියේ සෙසු අයගේ සහයද ඇතිවයි.
පුරාවිද්‍යා නටබුන් විනාශ කළ පුද්ගලයින්ට එරෙහිව දඩුවම් ලබාදෙන තෙක් තමන් මෙම සටන අත්නොහරින බවද හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මෙහිදී ප‍්‍රකාශ කළා.