සිය බිරිද සමග ඇතිවූ බහින්බස්වීමක් අතර වාරයේදී සැමියා විසින් එල්ල කරන ලද පොලු පහරක් වැදීමෙන් ඇයගේ අතේ සිටි පස්මස් වියැති බිළිදු දරුවා මිය යාමේ පුවතක් බදුල්ල, කන්දකැටිය ප්‍රදේශයෙන් වාර්තා වුනා.
මෙම අපරාධයට සම්බන්ධ සැකකරු විසින් පසුව සිය බිරිදට පහර දී ඇති අතර ඇයවද මේ වන විට රෝහල් ගතකර තිබෙනවා.
සැකකරු මේ වන විට ප්‍රදේශයෙන් පළා ගොස් ඇති අතර සැකකරු අත්අඩංගුවට ගැනීමට පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.