ඇළ මාර්ගයක් හරහා මාර්ගයේ ගමන් කරමින් සිටි මවක් සහ වයස අවුරුදු 10ක දියණියක් එකවරම ගලාගෙන ආ සැඩ ජල පහරකට අසු වී ගසාගෙන ගොස් තිබෙනවා.
ඊයේ (12) සවස 3.00 ට පමණ දියණියගේ පන්ති නිම වී මව සමග නිවෙස බලා එමින් සිටියදී පස්සර මැදවෙලගම දී මහ වැස්ස සමග මෙම සැඩ ජල පහර ගලාගෙන විත් තිබෙනවා.
සිද්ධියෙන් දියණිය ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
දියණිය මැදවෙලගම විද්‍යාලයේ 5 වන ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ අතර මැදවෙල එගොඩගම පදිංචි අයෙක්.
nethnews.lk වාර්තාකරු සඳහන් කළේ මව සහ දියණිය ගමන් කළ අඩිපාරේ ඇළ මාර්ගයක් හරහා ගමන් කරමින් සිටියදී හදිසියේ අසාමාන්‍ය ජලපහරක් ගලාගොස් ඇති බවයි. එහිදී මව සහ දියණිය එම සැඩ පහරේ ගසාගෙන ගොස් තිබෙනවා.
ප්‍රදේශවාසීන් විසින් මව බේරාගත්තද ඇගේ තුරුලේ සිටි දැරිය මියගොස් සිටි බවයි පොලිසිය සඳහන් කර ඇත්තේ.