Monday, December 23, 2024

General line - 0115112241

රුවන් විජයවර්ධන කමිටු වාර්තාව හෙළි කරන්නැයි එජාපය ඇතුළෙන්ම කියයි

කසුන් කැලුම් / නිශාන් ද සිල්වා




රුවන් විජයවර්ධන කමිටු වාර්තාවේ ඇතුළත් කරුණු ජනතාවට හෙළි කරන ලෙස එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්තී‍්‍ර රංජිත් අලූවිහාරේ එම කමිටුවෙන් ඉල්ලීමක් කරනවා.

මෙම කමිටුව පත් කෙරුණේ එක්සත් ජාතික පක්ෂයේ ප‍්‍රතිසංවිධානය කිරීමේ කටයුතු සඳහා යෝජනා ඉදිරිපත් කිරීමේ අරමුණින්. එම කමිටුවේ නිර්දේශයන්ට අනුව ඉදිරි ජනාධිපතිවරය සඳහා එක්සත් ජාතික පක්ෂයෙන් අපේක්ෂකයෙකු ඉදිරිපත් විය යුතු බවයි රංජිත් අලූවිහාරේ මන්තී‍්‍රවරයා නෙත් නිවුස් වෙත කියා සිටියේ. 

සිය දිස්ත‍්‍රික්කයේ ජනතාවට කැබිනට් සංශෝධනයේදී සාධාරණයක් ඉටු නොවු බව පවසමින් රංජිත් අලූවිහාරේ මන්ත‍්‍රිවරයා එක්සත් ජාතික පක්ෂය සංවිධාන කළ මැයි දින සැමරුමටද එක්වූයේ නැහැ. පසුව කැබිනට් සංශෝධනයේදී සිදු වූ අසාධාරණය පිළිබදව ඔහු ඇතුලූ එක්සත් ජාතික පක්ෂයේ මන්ත‍්‍රිවරු 6දෙනෙකු ජනාධිපතිවරයාද දැනුවත් කළා.

කෙසේ වෙතත් ඉදිරියේදී මෙම මන්ත‍්‍රිවරුන් 6දෙනාට නියෝජ්‍ය අමාත්‍ය ධූර පිරිනැමීමට නියමිත බවයි දේශපාලන ආරංචි පැවසුවේ. තමන්ට ඒ පිළිබද විශ්වාසයක් නොමැති බවයි රංජිත් අලූවිහාරේ මන්ත‍්‍රිවරයා වැඩිදුරටත් කියා සිටියේ.