Monday, December 23, 2024

General line - 0115112241

අද සවස 2න් පසු ප්‍රදේශ රැසකට මිලිමීටර් 100 ඉක්මවූ වැසි (PHOTOS) (UPDATE)

ලලිත් චාමින්ද/රවින්ද්‍ර චන්ද්‍රලාල්/එම්.කේ. නන්දසේන/සම්සන් පේ‍්‍රමසිරි/රංජිත් රාජපක්ෂ




ඇද හැලෙන වැසි හේතුවෙන් දිවයිනේ ප‍්‍රදේශ කිහිපයක ආපදා තත්ත්වයන් හටගෙන තිබෙනවා. ගාල්ල දිස්තී‍්‍රක්කයේ ප‍්‍රදේශ කිහිපයක්ද ජලයෙන් යටවී ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරුවන් පෙන්වා දේනනේ.

හබරාදූව ප‍්‍රදේශයේ පස් කන්ඩියක් කඩා වැටී ඇති අතර එම ප‍්‍රදේශයේ නිවාස 30කට වැඩි ප‍්‍රමාණයක් ජලයෙන් යටවී ඇති බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසුවේ. එමෙන්ම කලූතර දිස්ති‍්‍රක්කයේ ප‍්‍රදේශ කිහිපයක්ද ජලයෙන් යටවී තිබෙනවා. වර්ෂාව හේතුවෙන් පයාගල පිහිටි රාමඤ්ඤ මහා නිකායේ මූලස්ථානය ජලයෙන් යටවී ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු සම්සන් පේ‍්‍රමසිරි පැවසුවේ. 

අලුත්ගම සහ දර්ගා නගරයේ අතුරු මාර්ග කිහිපයක්ද ජලයෙන් යටවී තිබෙනවා. පානදුර, කැරපන් ඇළ අවහිර වීම හේතුවෙන් නිවාස 15ක් පමණ ජලයෙන් යටවී ඇති බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ.

මේ අතර පවතින වැසි හේතුවෙන් කොළඹ, හැටන් ප‍්‍රධාන මාර්ගයට මල්ලිඅප්පු ප‍්‍රදේශයේදී පස්කන්දක් කඩා වැටීමෙන් එම මාර්ගයේ රථ වාහන ගමනාගමනයට බාධා එල්ල වී තිබෙනවා. එහි ගමනාගමනය එක් මංතීරුවකට සීමා කර ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ. අධික වර්ෂාවත් සමග මධ්‍යම කඳුකරයේ ඇතැම් ප‍්‍රදේශවලට ඝණ මීදුම් තත්ත්වයක්ද පවතිනවා. 

මේ අතර අද (13) පස්වරු 02.00න් පසුව ප‍්‍රදේශ රැසකට මිලි මීටර් 100 ඉක්මවූ තද වැසි අපේක්ෂා කල හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේ.  කොළඹ කොටුව ප‍්‍රදේශයෙන් මිලිමීටර් 65.3ක වර්ෂාපනතයක් ද වාර්තා වූ බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේ. 
 

--------------------------

ගාල්ලේ සුළු ගංවතුර තත්ත්වයක් - මිලිමීටර් 166 ක වර්ෂාපතනයක්  (PHOTOS)

(13-05-2018 11:32)

 

 

ගාල්ල නගරයට ඊයේ (12) රාත්‍රියේ ඇද හැළුණු ධාරණිපාත වර්ෂාවත් සමග ගාල්ල නගරය ආශ්‍රිත පහත්බිම් රැසක් ජලයෙන් යටවී ඇති බව ගාල්ල දිස්ත්‍රික් අපාද කළමණාකරන මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂක දම්පත් රත්නායක පවසනවා.

ගාල්ල නගරයට ඇතුල්වන ප්‍රවේශ මාර්ග සියල්ලක්ම පාහේ ජලයෙන් යටවී ඇති අතර ඇතැම් මාර්ගවල වාහන ගමනාගමනය කිරිමට නොහැකි තත්වයක් උද්ගත වි තිබෙනවා.

ගාල්ල දංගෙදර, ගල්වඩුගොඩ, කනම්පිටිය, මලිගස්පේ, දේද්දුගොඩ, අදි ප්‍රදේශ ජලයෙන් යටවී පවතිනවා.

මේ අතර ගාල්ල බද්දේගම ප්‍රධාන මාර්ගයේ බේලිගහ හන්දිය, දංගෙදර  යන ප්‍රදේශ ජලයෙන් යටවී ඇති අතර මොරගොඩ ඇළ පිටාර ගැලිම මෙම තත්වයට හේතු වී තිබෙනවා.

දංගෙදර සමගිවත්ත, ඩිඩිස්වත්ත යන ගම්මාන ජලයෙන් යටවී ඇති අතර මෙම තත්වය නිසා එම නිවාසවල පදිංචිකරුවන් දැඩි දුෂ්කරතාවයට හා අපහසුතාවයන්ට මුහුණ පා සිටිනවා. ගාල්ල වැක්වැල්ල ප්‍රධාන මාර්ගයේ  කොග්ලකඩය අසල හා ඒ අවට ස්ථාන කිහිපයක් ද වැසි ජලයෙන් යටවී තිබෙනවා.

මෙය සුළු ගංවතුර තත්වයක් බවයි ආපදා කළමණාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂ දම්පත් රත්නායක සදහන් කරන්නේ.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ අද (13) පෙරවරු 8.30 න් අවසන් වූ පැය 24 තුළ, ගාල්ලට මිලිමීටර් 166.1 ක වර්ෂාපතනයක් ලැබුනු බවයි. 

(ඡායාරූප පහතින් දැක්වෙයි) 

---------------------------

ගාල්ලේ මාර්ග කිහිපයක් ජලයෙන් යට වෙයි 

(13-05-2018 07:59)

 

ඇද හැලෙන තද වැසි හේතුවෙන් වෙහෙරගල ජලාශයේ වාන් දොරටු 02ක් අඟල් දෙක බැගින් විවෘත කර තිබෙනවා.

මේ හේතුවෙන් මැණික් ගඟ පහළ සෙල්ලකතරගම සහ කතරගම අවට ජනතාවට විමසිලිමත්වන ලෙසයි තිස්සමහාරාම ප‍්‍රදේශය භාර වාරි ඉංජිනේරු කාර්යාලය දැනුම් දෙන්නේ.

ලූණුගම්වෙහෙර ජලාශයේ ජල මට්ටම පිළිබඳව අවධානයෙන් පසුවන ලෙසද පහත් බිම් අවට සිටින ජනතාවගෙන් මෙහිදී ඉල්ලීමක් කෙරුණා. 

මේ අතර ඇදහැලෙන වැසි හේතුවෙන් ගාල්ලේ මාර්ග කිහිපයක් ජලයෙන් යටවී තිබෙනවා.

ගල් පෙරලිම හේතුවෙන් පස්සර නමුණුකුල මාර්ගයේ රථ වාහන ධාවනයට බාධා එල්ල වී ඇති බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසුවේ.