Monday, December 23, 2024

General line - 0115112241

"රජයට ඒක දරාගන්න පුළුවන් කමක් නෑ" - ඉන්ධන සහනාධාරය ගැනත් ඇමතිගෙන් බලාපොරොත්තුවක්




ධීවර ජනතාවට ඉන්ධන සහනාධාරයක් ලබා දීමට අපේක්‍ෂා කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා. බටඅත කෘෂි තාක්‍ෂණ උද්‍යානයේ නිරීක්‍ෂණ චාරිකාවකට එක්වීමෙන් අනතුරුව අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

එහිදී අමාත්‍යවරයා සඳහන් කළේ,

"තෙල් මිල වැඩි වීම සියලු දෙනාට බලපානවා ඒක නැත්තේ නැහැ…අපි තේරුම් ගන්න ඕනේ මේ තත්ත්වය, ලෝක වෙළෙඳපොලේ බොරතෙල් බැරලයක මිල දෙගුණයකට විතර වැඩි වෙලා තියනවා පසුගිය කාළේ ..රජයට ඒක දරාගන්න පුළුවන් කමකුත්නෑ..2014 තිබුණ මිලට වඩා තවමත් අඩු මිලකට සැපයීම කරන්නේ..මේක නොකර ඉස්සරහට යන්න බැරි තත්වයක් තියනවා..එහෙම වුණාම ඩොලර් එක 175ටවත් යනවා..ඩොල්ර් එක පාලනය කරගන්නත් ඕන ..ජනතාව ආරක්ෂාකර ගන්නත් ඕනේ …ඒ නිසා තමයි මේ වැඩිවීම කරලා තියෙන්නේ..ධීවර ජනතාවට ප්‍රශ්නයක් ඇති වෙන්නෑ …ඒ අයට ඉන්ධන සහනාධාරය ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා…”