2020 දී ජනාධිපති ධුර අපේක්ෂකත්වය සඳහා සුදුසුම පුද්ගලයා වන්නේ වත්මන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පමණක් බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර ප්‍රකාශ කරනවා.
රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂ නායකත්වයෙන් ඉවත් විය යුතු බවට මත පළ කරන ඇතැමුන් ඒකාබද්ධ විපක්ෂයට සම්බන්ධ අය වීම සිනහවට කරුණක් බව හෙතෙම පෙන්වා දෙනවා.
අමාත්‍යවරයා මේ බව කියා සිටියේ මාතර දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ පළාත් පාලන නියෝජිතයන් වෙනුවෙන් පැවැති වැඩසටහනකට එක්වෙමින්.
‘‘අසූව දශකයේ අග භාගයේ දී මට මතකයි සිරිමාවෝ මැතිණියට විරුද්ධව අනුර බණ්ඩාරනායක මහතා ගෙන ගිය වැඩ පිළිවෙළ. එදා මැතිණිය නායකත්වය දාල ගියෙ නැත්තෙ ඒකට තියෙන ලෝබකම නිසා නෙවෙයි, හරි නායකත්වයක් නොමැතිව නායකත්වය හැර යාමෙන් පක්ෂය අරාජික වෙන්න පුළුවන් අවදානම තේරුම් අරගෙනයි. අද රනිල් වික්‍රමසිංහ මහතාට යන්න ඕනෙ කියන වැඩි දෙනා පොහොට්ටුකාරයො. මට මතකයි 1998 - 99 වකවානුවේ දී චන්ද්‍රිකා ජනාධිපතිනිය දෙවැනි වරට ජනාධිපති ධුරය වෙනුවෙන් තරග කරන කාලෙ මමයි රනිල්ට බෑ කියල පෝස්ටර් ගැහුවෙ ගමක් ගමක් ගානේ. ඒ මොකද අපි දැක්ක රනිල්ට ඇත්තට ම පුළුවන්, අපට සිටින ලොකුම අභියෝගය එයා කියලා. ඇත්තටම එහෙම අභියෝගයක් නැත්තං ඇයි අපි බෑ කිය කිය පෝස්ටර් ගහන්නේ. ඒ වගේ තමයි අද තත්ත්වයත්. ඒක නිසා ඉතාම පැහැදිලියි මීළග ජනාධිපතිවරණයේ දී ඊට සුදුසුම අපේක්ෂකයා රනිල් වික්‍රමසිංහ මහතා විතරමයි කියන දේ මම කියන්න කැමැතියි." යනුවෙන්ද සඳහන් කළා.