පවතින අයහපත් කාලගුණයත් සමග ඉදිරියේදී ඇතිවිය හැකි හදිසි ආපදා තත්ත්වයකට මුහුණ දීම සඳහා ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය සහ සෙසු රාජ්‍ය අංශයන් සමග එක්ව සුදානම්ව සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි පවසනවා.
මෙයට අමතරව දිවයිනේ ස්ථාන 90 ක් සඳහා ගලවා ගැනීමේ මෙහෙයුම් සඳහා යොදා ගැනීමට බෝට්ටු 125 ක්ද, පොලිස් හදිසි ගලවා ගැනීමේ ඒකකයට බෝට්ටු 67ක්ද මේ වසරේදී ලබාදී ඇති බවත් එම බෝට්ටු වලට අමතරව හදිසි ගලවා ගැනීම් සදහා අවශ්‍ය කරනු ලබන උපකරණ පවා ලබාදී තිබෙන බවට ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියා.
දැනට දිවයිනේ පවතින වැසි සහිත කාලගුණික තත්ත්වය ඉදිරියේදී ක්‍රමයෙන් වැඩි විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කර සිටිනවා. නිරිත දිග මෝසම් වර්ෂාවේ මුලික සක්‍රිය වීමක් මේ වන විට පෙන්නුම් කරන අතර එත් සමගම දිවයිනේ නිරිත දිග කලාපයට ලබන මස මුල් සතිය තෙක් වැසි ඇති විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.