අමාත්‍ය මණ්ඩල සංශෝධනයට අදාලව අද (13) නිකුත් කෙරුණු ගැසට් පත්‍රයට අනුව අමාත්‍යංශ රැසක විෂය පථයන් වෙනස් වී තිබෙනවා. අමාත්‍යංශ කිහිපයක් යටතේ පැවති සීනී සමාගම් දැන් පවරා ඇත්තේ රාජ්‍ය ව්‍යවසාය හා මහනුවර සංවර්ධන අමාත්‍යංශය යටතටයි. හිඟුරාන, ලංකා සහ කන්තලේ යන සීනි සමාගම් මෙන්ම උක් පර්යේෂණ ආයතනයද ඊට අයත්.
වී අළෙවි මණ්ඩලය හා හදබිම අධිකාරිය කෘෂිකර්ම අමාත්‍යංශය යටතට පවරා තිබෙනවා. නව ගැසට් පත්‍රයට අනුව සේවා නියුක්තිකයින්ගේ භාරකාර අරමුදල මෙවර පවරා ඇත්තේ කම්කරු හා වෘත්තීය සමිති අමාත්‍යංශයටයි. එය මෙතෙක් පැවතියේ තරුණ කටයුතු, ව්‍යාපෘති කළමණාකරණ හා දක්ෂින සංවර්ධන අමාත්‍යංශය යටතේයි.
ඒ අනුව ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යංශය යටතේ පැවති ණය තොරතුරු කාර්ය්‍යංශය දැන් ඉවත්කර තිබෙනවා. එය පවරා ඇත්තේ මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යංශය යටතටයි. කළමණාකරණ හා විගණන දෙපාර්තමේන්තුව එම අමාත්‍යංශය යටතට පැවරූ තවත් අමාත්‍යංශයක්. රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව අභ්‍යන්තර කටයුතු හා වයඹ සංවර්ධන අමාත්‍යංශය යටතට පත්කර තිබෙනවා. එහෙත් රාජ්‍ය මුද්‍රණ නීතිගත සංසංථාව පවරා ඇත්තේ අධ්‍යාපන අමාත්‍යංශය යටතටයි. එම අමාත්‍යංශය යටතේ තිබූ ආයතන රැසක් උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශය යටතට පත්කර තිබීම විශේෂත්වයක්.
මධ්‍යම සංස්කෘතික අරමුදල, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව, ප්‍රාසාංගික කළා මධ්‍යස්ථානය, ටවර්හෝල් පදනම, ජාතික කලා මණ්ඩලය, අපේ ගම, ජනකලා කේන්ද්‍රය, ලේඛණාරක්ෂක දෙපාර්තමේන්තුව හා ප්‍රසිද්ධ රැගුම්පාලක මණ්ඩලයද ඒ අතරට අයත් සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළද කටයුතු අමාත්‍යංශය යටතේ පැවති මහපොළ භාරකාර අරමුදලද පවරා ඇත්තේ උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශය යටතටයි.
නැවත පදිංචි කිරීම් හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යංශය යටතේ පැවති බන්ධනාගාර දෙපාර්තමේන්තුව ඇතුලූ ආයතන කිහිපයක්ද අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යංශය යටතට පවරා තිබෙනවා. ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව, ජාතික උද්භිත උද්‍යාන දෙපාර්තමේන්තුව, හා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව තිරසර සංවර්ධන, වනජීවී හා ප්‍රාදේශීය සංවර්ධන යන අමාතයංශය යටතට පත්කෙරුණා.