ජාතිවාදී ගැටලූ ඇති කරන පුද්ගලයින්ට දඩුවම් ලබාදෙන ආකාරය පිළිබද ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහනුවරදී දැඩි ප‍්‍රකාශයක් සිදු කළා.
කිසිදු අන්තවාදයකට ඉඩක් නොමැති බවයි අමාත්‍යවරයා අවධාරණය කළේ.
අමාත්‍ය වජිර අබේවර්ධන මෙම අදහස් පළකළේ ඉකුත් දා මහනුවර ප‍්‍රදේශයේ ඇති වූ ගැටුමේදී හානි වූ නිවාස, ව්‍යාපාර හා ආගමික ස්ථානයන්ට වන්දි ලබා දීම වෙනුවෙන් පැවති උත්සවයකට එක්වෙමින්.