සමහර පාර්ශවයන් පවසන ආකාරයට රාජපක්ෂ සහෝදරවරුන් අතර කිසිඳු මතභේදයක් නැති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.
තිඹිරිගස්යාය සාමවිහාරයේදි අද (13) පෙරවරුවේ පැවති දානමය පිංකමකට එක්වූ හිටපු ජනාධිපති මහින්ද රජාපක්ෂ මහතා ඉන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ බව කියා සිටියා.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා සිංගප්පූරු නිදහස් වෙළඳ ගිවිසුම අනුව ඔනෑම තරාතිරකම පුද්ගලයෙක් මෙරටට ගෙන ඒමේ හැකියාවක් තිබෙන බවත් මේ තුළින් සංස්කෘතියටද බලපෑමක් එල්ලවන බවයි.