Sunday, December 22, 2024

General line - 0115112241

අදත් ගිගුරුම් සහිත වැසි - අද සහ හෙට මුහුදු රළ ගැනත් අවධානයෙන්




අද (14) දිනයේත් ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාව තවදුරටත් ඉහළ මට්ටමක පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පෙන්වා දෙනවා.

දිවයිනේ බොහෝ පළාත්වල විශේෂයෙන් සවස 2.00 පමණ පසු මෙම වැසි තත්ත්වයන් බලාපොරොත්තු විය හැකි බවයි පෙන්වා දෙන්නේ.

බස්නාහිර සහ දකුණ පළාත්වලත් පුත්තලම දිස්ත්‍රික්කයේත් උදෑසන කාලයේදීත් වැසි ඇති විය හැකියි.

විශේෂයෙන් මධ්‍යම, සබරගමුව, දකුණු, ඌව සහ බස්නාහිර පළාත්වලත් පොළොන්නරුව සහ වවුනියාව දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මිලිමීටර් 100ක පමණ තද වැසි ඇති වන බවයි පෙන්වා දෙන්නේ.

හෙට (15) දිනය දක්වා පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා මඩකලපුව දක්වා වන මුහුදු ප්‍රදේශවල මුහුදු රළ මීටර් 2.0-2.5ක් පමණ දක්වා ඉහළ යෑමේ හැකියාවන් පවතින අතර (මෙය ගොඩබිමට එන රළ උස් නොවේ) එම මුහුදු රළ මද වශයෙන් රළු විය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පෙන්වා දෙනවා.