2016 සහ 2017 යන වසරවල ඇති වූ ගංවතුර තත්ත්වයට බලපෑ අධික වැසි ඇති වූ කාලගුණ තත්ත්වයට සමාන වායුගෝලීය තත්ත්වයක් දැන් ස්ථාපිත වී ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
එහෙත් මෙවර එතරම් දරුණු තත්ත්වයක් මේ දක්වා නිරීක්ෂණය වී නොමැති බවයි එම දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් සරත් පේ‍්‍රමලාල් කියා සිටියේ.
ඉකුත් දින කිහිපයේ ඇද හැලූණු අධික වැසි හේතුවෙන් පුද්ගලයින් 8300කට වැඩි පිරිසකට බලපෑම් එල්ල වූ බවයි ආපදා කළමණාකරන මධ්‍යස්ථානය පැවසුවේ.