ඉන්ධන මිල වැඩි කිරීමට ආණ්ඩුව ගත් තීරණය සම්බන්ධයෙන් සැබෑ තතු ජනතාව අතට පත්ව නොමැති බව අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් පවසනවා.
ඔහු පෙන්වා දෙන්නේ ලෝක වෙළඳපොලේ මිල ගණන් ඉහළ මට්ටමක පවතිද්දී පවා මෙරට ඉන්ධන මිල ඉහළ නංවා ඇත්තේ පෙර පැවැති අගයට වඩා අඩු මට්ටමකින් බවයි.
අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මෙම අදහස් පළකළේ කොබෙයිගනේ ප‍්‍රදේශයේ පැවැති උත්සවයට එක්වෙමින්.