කඩා වැටුනු රටේ ආර්ථිකය යළි ගොඩනැගීම සඳහා නව සැලැස්මක් අවශ්‍ය බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ පවසනවා.
ඔහු කියා සිටියේ නිර්මාණය වෙමින් ඇති අවස්ථා ශී‍්‍ර ලංකාව වෙත ගෙන ඒමට කටයුතු කළ යුතු බවයි.
හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මෙම අදහස් පළ කළේ වියත්මග වාර්ෂික සමුළුවට ඊයේ (13) පස්වරුවේ එක්වෙමින්.
ආර්ථික වර්ධනය පිළිබඳ අනිවාර්යයෙන්ම සිතා සියලූ සැලසුම් සකස් කළ යුතු බවයි හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මෙහිදී වැඩිදුරටත් කියා සිටියේ.
නැගී එන ආසියානු ආර්ථිකයෙන් උපරිම ඵල නෙලා ගැනීම සඳහා ශි‍්‍ර ලංකාව උපාය මාර්ගික ලෙස ස්ථාන ගත කිරීම 2018 වියත්මග වාර්ෂික සමුළුවේ අපේක්ෂාවයි. 2030 දක්වා දිවෙන මාර්ග සැලසුමක් නිර්මාණය කිරීම උදෙසා කතිකාවක් ගොඩ නැගීම මේ හරහා සිදු කරනු ඇති.
මෙම සමුළුව සඳහා විද්වතුන්, විශ්ව විද්‍යාල ආචාර්යවරුන් මෙන්ම ව්‍යාපාරිකයින් ඇතුළු පුද්ගලයින් රැසක් එක්ව සිටියා. සමුළුවෙන් පසු ඊට සහභාගී වූ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා, හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ හා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ එකම ස්ථානයකදි මාධ්‍ය වෙත අදහස් පළ කළා.
(එම අවස්ථාවේදී දැක්වූ අදහස් පහත වීඩියෝවෙන් දැක්වෙයි.)